පරිගණක රහස් 6
පරිගණක රහස්
මිතුරන් නැති
නොකර ගනිමින් ඊමේල් ලිපිනය වෙනස් කරගමු.
ඔබගේ ඊමෙල්
ලිපිනය ලබා දී ඇති ස්ථාන ගැන සිතන විට හා එය අන් අයගේද ඇඩ්රස් බුක් එක තුලද ඇතිබව හැගෙන විට හා වැදගත් ඊමේල්
පණිවිඩ එහි ඇති බව හැගෙන විට මෙන්ම ඔබ ලොග් වීම සදහා ඊමේල් ලිපිනය ලබා දී ඇති
වෙබ් අඩවි ගැන සිතන විට ඊමේල් ලිපිනය මාරු කිරිම යනු සිතීමටත් අපහසු දෙයකි.
1. ටික කලකට පැරණි ඊමේල් ලිපිනයන් තබා ගැනීම
මුලින්ම ඔබගේ
පැරණි ඊමේල් ලිපිනය කොතරම් කලක් කොපමණ මුදලකට තබාගත හැකිද යන්න වග පැරණි ඊමේල් සැපයුම්කරුගෙන් දැන ගන්න.එය
මාස කිහිපයක් යම් මුදලකට හෝ තබාගත හැකි නම් වැදගත් වෙයි.
2. සෑම සබදතාවයක්ම දැනුවත් කරන්න.
පසුව ඔබගේ
මාරු විම පිලිබදව සෑම දෙනාම දැනුවත් කරන්න.ඔබගේ නව ඊමේල් ලිපිනය ඔබගේ ඇඩ්රස් බුක් එක තුල ඇති සෑම දෙනාටම
දැනුම් දෙන්න.ඔබටද පණිවිඩය යොමු කර ගන්න.අනෙක් අයට BCC කරන්න. මෙම BCC කිරිම වැදගත් කාරණයකි.මක් නිසාදයත් අනෙක්
අයගේ ඊමේල් ලිපිනයන් සෑම දෙනාටම යැවීම සමහරෙකුට
කරදරයක් විය හැකි කාරණයක් වන අතරම සමහර අය සෑමදෙනාටම ප්‍රතිචාර දැක්වීමටද පෙලඹෙයි.
3. ස්වයංක්‍රියව ෆෝර්වර්ඩ් කිරිම හා ස්වයංක්‍රියව-ප්‍රතිචාර දැක්වීම.
ගිණුම්
දෙකෙන්ම පණිවිඩ ලබා ගැනීම සදහා මේල් ක්ලයන්ට්(Mail client) සකස් කර ගන්න.ඔබගේ එම ක්ලයන්ට්හි අංග පරික්ෂා කර
ස්වයංක්‍රියව පණිවිඩ යැවීමේ හැකියාවක් පවතී දැයි පරික්ෂා කරන්න.එවැනි ආකාරයේ පැරණි
ඊමේල් ලිපිනයට පැමිනෙන ඕනෑම පණිවිඩයකට ස්වයංක්‍රියව ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයක්
පවතී නම් එම පණිවිඩයෙන් ඔවුනට නව ඊමේල් ලිපිනය පිලිබදව දැනුවත් කිරිමේ හැකියාව ඇත. තවද ඔබගේ ක්ලයන්ට් භාවිතා
කර ඔබට එකිනෙකට වෙනස් පණිවිඩ Send To ලිපිනයන් වලට පණිවිඩ යැවිය හැකිය.
උදාහරණයකට ඔබ ජීමේල් භාවිතා කරයි නම් ඔබට ෆිල්ටර් එකක්
භාවිතා කර පණිවිඩ ලේබල් වලට මාරු කල හැකිය.එසේ නොමැති නම් තරු සලකුණක්
පණිවිඩයට ඉදිරියෙන් ලබා දිය හැකිය.
1. වෙබ් පිටුවේ ඉහල දකුණු කෙලවර ඇති ටුල්
අයිකනය ක්ලික් කර Settings තෝරා ගන්න.
2. Filters and Blocked
Addresses ටැබ් එක තෝරා
ගන්න.
3. පිටුවේ පහලට ගොස් Create a new filter ක්ලික් කරන්න.
4. ප්‍රතිඵල ලෙස ලැබෙන කොටසේ To කොටසේ ඔබගේ පැරණි ඊමේල් ලිපිනය ඇතුලත්
කරන්න.
5. දකුණු පහල කෙලවර ඇති Create filter with this search ක්ලික් කරන්න.
6. එහි ඇති එක් එක් ආකාරයක් සදහා පරික්ෂා
කරන්න. Star it හෝ Apply the label සහ අළුත් ලේබලයක් නිර්මාණය කරන්න.
7. Create filter ක්ලික් කරන්න.
4. සයිට් එකට ලොග් වන විස්තර හා අනෙකුත් subscriptions යාවත්කාලීන කරන්න.
තවද ඔබගේ
ඊමෙල් ලිපිනය ඇති ලොග් විස්තර යාවත්කාලීන කර ඔබගේ නවතම ඊමේල් ලිපිනය ලබා දෙන්න. එසේම ඔබ යම් කිසි subscribe කිරිම් කර ඇත්නම් ඒවාද යාවත්කාලීන කරන්න.
5. පහසුවෙන්ම ගැලවීම
ඔබගේ ඊමෙල්
ලිපිනය ලාභදායි හෝ නොමිලේ ලැබුණු එකක් නම් එය ඔබගේ ජන්ක් ඊමෙල් ලැබෙන ඊමේල් එක ලෙස එය තවදුරටත් පවත්වා ගැනීමේ
හැකියාව ඇත.
6. ඊමේල් ලිපිනයන් පහසුවෙන් කලමණාකරණය කරගත
හැකි අනෙකුත් ආකාර
ඔබගේ ඊමේල්
ගිණුමේ අනවශ්‍ය ලෙස ඊමේල් පිරී තිබීම නිසා එයින් ඉවත් වීමට ඔබ සුදානම් වන්නේ නම් නව ඊමේල් ලිපිනය තබාගෙන
පැරණි එක ජන්ක් එකක් ලෙස පවත්වා ගත හැකිය. ඔබගේ සැබෑ ගිණුමට ෆෝර්වර්ඩ් වන
පණිවිඩ විනාශ කලහැකි සේවාවකට ලියාපදිංචි වන්න.කෙනෙකුට ඔබට ඊමේල් පණිවිඩය දීමට
අකමැති නම් ඔවුන්ට විනාශ කල හැකි එක ලබා දෙන්න.උදහරණ ලෙස Blur spamex සහ mailshell සදහන් කල හැකිය. අවසන් වශයෙන් ඔබගේ ඩොමේන් නාමය මිලදි ගැනීම පිලිබදව
සැලකිලිමත් වන්න.ඔබ ඩොමේන් නාමය මිලදි ගත් පසුව ඔබගේ ඊමේල් ලිපිනය අනෙකුකට ලබාගත නොහැකිය.
The End.
Thanks For Watching !
Comments
Post a Comment