පරිගණක රහස් 5

 

පරිගණක රහස්

එදිනෙදා භාවිතයේදි LCD මොනිටර් වල පැන නගින දෝෂ නිරාකරණය කරගමු.

එදිනෙදා පරිගණක භාවිතා කරන අපට විවිධාකාරයේ ගැටළු වලට මුහුණ දීමට සිදුවෙයි.මෘදුකාංග වල පමණක් නොව දෘඩාංග වල තත්වයද එසේමයි. පරිගණකයක දෘඩාංග ගැන සැලකීමේදී මොනිටරය ඉතා වැදගත් වෙයි.එමනිසා මොනිටරය නිසි ලෙස පවත්වා ගැනීම වැදගත් කාරණයක්.මොනිටරයක් භාවිතා කිරිමේදි අපට විවිධ ගැටළු වලට මුහුණ පෑමට සිදු වනවා.ඒ නිසා අපි පීඩාවට පත්ව ඇති වාර බොහෝමයි.මේ නිසා අපි අද ඔයාලට LCD මොනිටර් වල පැන නගින ගැටළු හා ඒවා නිරාකරණය කර ගන්නේ කොහොමද කියන එක ගැන ඉදිරිපත් කරන්න සුදානම්.


ගැස්සීම හෝ සෙලවීම


ඔබගේ මොනිටර් තිරය නිතරම ගැස්සීම හෝ සෙලවීමක් සිදුවේ නම් ඒ සදහා හේතු සාධක කිහිපයක් බලපෑ හැකිය.ඒ සදහා නිසි ලෙස සවි නොවු හා දෝෂ සහිත විඩියෝ කේබලයද හේතු සාධක විය හැකිය.මුලින්ම කේබලයේ දෙපසම එනම් මොනිටරයේ හා පරිඝනකයේ දෙපසටම හොදින් කේබලය සවි වී ඇත්දැයි පරික්ෂා කරන්න.නැතහොත් කේබලය මාරු කර බලන්න.මෙය බල සැපයුම් කේබලයටද සිදු කර බලන්න. වැරදි රීප්‍රේෂ්(refresh) කිරිමේ සිඝ්‍රතාවයක් මගින්ද මෙවැනි චලනය වීමක් සදහා හේතු විය හැකිය.මෙම රීප්‍රෙෂ් සිඝ්‍රතාවය යනු තත්පරයකදි මොනිටරයට පරිගණකය මගින් පින්තුරය යැවිය හැකි ප්‍රමාණයයි.එය හර්ට්ස්(hz) වලින් දක්වනු ලැබේ.බොහෝමයක් මොනිටර් මගින් 59 හෝ 60 hertz භාවිතා කරන අතර සමහර මිලාධික මොනිටර් වල 75Hz, 120Hz, සහ 144Hz අගයන්ද දැකගත හැකිවෙයි.ඔබගේ පරිගණකයේ සැකසුම් වෙත පිවිස එය පරික්ෂා කර ගන්න.( (වින්ඩෝස් 10 මොනිටරයක Display settings > Display adapter properties ).මෙහිදි ඔබට ඔබගේ විඩියෝ ඩ්‍රයිවර්ස්ද අප්ඩේට් කර ගැනිමට සිදුවිය හැකිය.


සමහර අවස්ථා වලදි මෙම මොනිටරයේ තිරය චලනය වීම, මොනිටරයේ බලය හිගකම නිසාද ඇතිවෙයි.එය ඔබගේ නිවසේ විදුලි පරිපථයෙන් සැපයෙන විදුලි බලය නිසා විය හැකිය.මේ නිසා බල සැපයුම් වෙනත් අඩැප්ටරයක් මගින්ද සපයා දී පරික්ෂා කරන්න.මීට අමතරව තිරයේ දෝෂ සහිත කොටසක් තිබිමද මෙයට හේතුවක් විය හැකි අතර එවැනි අවස්ථාවකදි අලුත් වැඩියා කිරිමක් හෝ මාරු කිරිම සිදුකල යුතු වෙයි.

සිරස් රේඛා


LCD තිරයක කළු පැහැති හෝ තනි වර්ණයෙන් යුතු රේඛා තිබීමට හේතු ගණනාවක් තිබිය හැකිය.නමුත් චලනය වන කොටසේ බාහිරින් ඇති ඒවා නැවත සකස් කිරිමේ හැකියාවක් නැත. මක්නිසාදයත් එය භෞතිකමය දෝෂයක් නිසා ඇති වුවකි.මේ නිසා වෙනත් පරිගණකයක හෝ ලැප්ටොප් එකකට ඔබගේ මොනිටරය සවිකර පරික්ෂා කර බැලිය හැකිය.එය ඒ ආකාරයෙන්ම පවතියි නම් ඔබට මොනිටරය මාරු කිරිමට සිදුවෙයි.


මැරුණු හෝ සිරවුණ පික්සල්


මැරුණු පික්සල් යනු ඔබගේ LCD තිරයේ වන දිප්තියක් නොමැති පික්සල් වන අතර ඒවා කළු පැහැති කොටු ලෙස පවතියි. සිරවුණු පික්සල්ද මේ ආකාරයෙන් වන අතර එහිදි කළු පැහැය වෙනුවට වෙනත් වර්ණයක් පෙන්වයි.එය පින්තුරයට නොගැලපෙන එකකි.සාමාන්‍ය‍ෙයන් එය රතු,කොල හෝ නිල් පැහැයෙන් වෙයි.

මැරුණු පික්සල් එකකට ඔබට කල හැකි යමක් නැත. මක්නිසාද එය තිර පැනලයේ භෞතිකමය හානියක් නිසා වු එකකි.මැරුණු පික්සල් එකක් හෝ දෙකක් තිබිමෙන් ඔබට මුළු මොනිටරයම මාරු කල යුතු නොවේ.ඔබට ඒ සදහා සේවා සහතිකයක් තිබේ නම් එය වර්ධනය වීමට පෙර මාරු කර ගැනීමේ හැකියාව ඇත. සිරවුණු පික්සල් යනු වෙනනමම තත්වයකි.මෙහිදි දෝෂයේ තත්වය අනුව සලකා ක්‍රියා මාර්ග ගත යුතුය.මෙය යථා තත්වයට පත්කර ගැනීම සදහා ක්‍රම කිහිපයක් ඇත. භෞතිකමය සම්බාහනයක් ලබා දීමෙන් හෝ වර්ණාවලි පරික්ෂණයක් සිදුකරන වැඩසටහනකට යොමු කිරිමෙන්ද මෙම තත්වය මග හරවා ගත හැකිවෙයි.නමුත් මෙය සෑම අවස්ථාවකදීම සාර්ථක නොවන බව සිහි තබා ගන්න.

ඉරි තැලීම්, පළුදු හා පැල්ලම්

ඔබගේ මොනිටරයේ පැහැදිලි සිරීමක්, විශාල අවර්ණ ප්‍රෙද්ශයක් හෝ කළු/බහු වර්ණ තිත් යනු භෞතිකමය හානියක් නිසා LCD පැනලයට වු හානි නිසා ඇතුවු තත්වයකි.මෙහිදි ඔබ වගකීම් කාලයක් තුල සිටියත් ඔබට කලහැකි කිසිවක් නැත.ඔබට මොනිටරය මාරු කිරිමට සිදුවෙයි.

කම්පනය වීම.

මෙය බොහෝවිට දැකගත හැකි තත්වයක් වන අතර කම්පන හෝ සියුම් ශබ්දයක් ඇතිවීම මෙහිදි සිදුවෙයි.මෙය පසුබිම් විදුලි ලාම්පුවේ දෝෂයක් නිසා ඇති වන තත්වයකි.මෙම ශබ්දය දිගටම පවතී නම් ඔබගේ තීරයේ දීප්තිය අදාල පරිදි සීරූ මාරූ කිරිම වටි.

ඔබගේ මොනිටරය වගකීම් කාලය තුල නොපවතී නම් ඔබට විදුලි වෙලද සැලකට ගොස් අදාල කොටස මාරු කරගත හැකිය. ඔබගේ ඩෙස්ක්ටොප් එකේ තිරය සදහා වැරදි රිසලුෂන් අගයක් පෙන්වයි නම් ඒ සදහා ග්‍රැෆික් කාඩ් පතේ දෝෂයක් විය හැකිය.එසේ නොමැති නම් මෘදුකාංග දෝෂයක් වීමටද වැඩි ඉඩ කඩක් ඇත. දෝෂය තවදුරටත් පවති නම් වෙනත් පරිගණකයකට සම්බන්ධ කොට මොනිටරය පරික්ෂා කර බැලිය හැකිය.තවද සම්බන්ධ ආකාරයද වෙනස් කර (HDMI/DisplayPort/DVI) බැලීමද සිදුකල හැකිය.

අහඹු ලෙස ක්‍රියා විරහිත වීම්

මෙයට හේතුව ප්‍රමාණවත් බලයක් මොනිටරයට නොලැබීමයි.ඔබගේ නිවසේ පරිපථ බිදිනය පරික්ෂා කර බැලීම වටි. තවද බල සැපයුම් කේබලය නිසි ලෙස සම්බන්ධ නොවී තිබිමද මෙයට හේතුවක් විය හැකිය.තවද අභ්‍යන්තර හෝ බාහිර බල පරිවර්තකය(power converter) අධික ලෙස රත්වීමද මේ තත්වයට බලපෑ හැකිය.ප්‍රවේසමෙන් මොනිටරයේ බාහරි ආවරණය හෝ බල ඇඩැප්ටරය පරික්ෂා කර බලන්න.එය අධික ලෙස රත්වී ඇත්නම් එය මාරු කිරිමට සිදුවෙයි.

ලැප්ටොප් ගැන යමක්..

ඉහත සදහන් දෝෂ ලැප්ටොප් පරිගණක හා ටැබ්ලට් වලද ඇතිවිය හැකිය.මේවා එහි සංකීර්ණ සැකසුම් ක්‍රම නිසාම අළුත් වැඩියා කිරිම අපහසුය.බොහෝවිට ඒවා මාරු කිරිම සිදු කලයුතුවෙයි.


                                                                     The End.

Thanks For Watching ! 





Comments

Popular posts from this blog

පරිගණක රහස් 6

පරිගණක රහස්

පරිගණක රහස් 4