පරිගණක රහස් 4
පරිගණක රහස් ඔබගේ පරිගණකයේ සියළු ලිපිගොනු නැති වීම වලක්වන ගුගල්හි ස්වයංක්‍රිය බැක්අප් බොහෝදෙනෙකු තමාගේ පරිගණකයේ තිබු වටිනා ලිපිගොනුවක් හෝ ඡායාරූපයක් හෝ අනෙකුත් වැදගත් යමක් මැකී යාම නිසා දැඩි පීඩාවට හා සිත් තැවුලට පත්වු අවස්ථා අපි නොයෙක් අවස්ථා වලදි දැක තිබෙනවා.මෙම ගැටළුව කෙරෙහි අවධානය යොමු කල ගුගල් ආයතනය විසින් ඒ සදහා අළුත් ක්‍රමවේදයක් හදුන්වා දෙනු ලැබුවා.ඒ ගුගල්හි ක්ලවුඩ් පදනම් වු ඩ්‍රයිව් ඇප් එකයි. මෙම ඇප් එක මගින් ඔබගේ පරිගණකයේ ලිපිගොනු ක්ලවුඩ් එකට ස්වයංක්‍රියවම බැක්අප් කරනු ලැබේ. එමගින් ඔබට ඕනෑම පරිගණකයක සිට ඔබගේ ඡායාරූප හා ෆයිල් වලට පිවිසිමේ හැකියාව ලැබේ. මෙම සේවාව දැනට ඔන්ලයින් ගබඩා කිරිමේ ප්ලැට්ෆෝම් එකක් ලෙස පැවතුනද ප්‍රායෝගිකව බොහෝ දෙනා වැදගත් ලිපිගොනු බැක්අප් කිරිම සදහා යොදා ගනියි. මෙම නවතම බැක්අප් හා සමමුහුර්ත( Sync) කිරිමේ ටුලය මගින් මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රිය කරනු ලැබේ.එහිදි ඔබගේ පරිගණකයේ හෝ ලැප්ටොප් එකේ ඇති විශේෂිත ෆයිල් අප්ලෝඩ් කිරිම සිදු කෙරේ. බැක්අප් හා සමමුහුර්ත කිරිම. බැක්අප් හා සමමුහුර්ත කිරිම ජුනි 28 වන දින ආරම්භ කෙරිණ. මෙම සේවාව මිලට ගැනීමට අදහස...