පරිගණක රහස් 4

 

පරිගණක රහස්

ඔබගේ පරිගණකයේ සියළු ලිපිගොනු නැති වීම වලක්වන ගුගල්හි ස්වයංක්‍රිය බැක්අප්

බොහෝදෙනෙකු තමාගේ පරිගණකයේ තිබු වටිනා ලිපිගොනුවක් හෝ ඡායාරූපයක් හෝ අනෙකුත් වැදගත් යමක් මැකී යාම නිසා දැඩි පීඩාවට හා සිත් තැවුලට පත්වු අවස්ථා අපි නොයෙක් අවස්ථා වලදි දැක තිබෙනවා.මෙම ගැටළුව කෙරෙහි අවධානය යොමු කල ගුගල් ආයතනය විසින් ඒ සදහා අළුත් ක්‍රමවේදයක් හදුන්වා දෙනු ලැබුවා.ඒ ගුගල්හි ක්ලවුඩ් පදනම් වු ඩ්‍රයිව් ඇප් එකයි. මෙම ඇප් එක මගින් ඔබගේ පරිගණකයේ ලිපිගොනු ක්ලවුඩ් එකට ස්වයංක්‍රියවම බැක්අප් කරනු ලැබේ. එමගින් ඔබට ඕනෑම පරිගණකයක සිට ඔබගේ ඡායාරූප හා ෆයිල් වලට පිවිසිමේ හැකියාව ලැබේ.

මෙම සේවාව දැනට ඔන්ලයින් ගබඩා කිරිමේ ප්ලැට්ෆෝම් එකක් ලෙස පැවතුනද ප්‍රායෝගිකව බොහෝ දෙනා වැදගත් ලිපිගොනු බැක්අප් කිරිම සදහා යොදා ගනියි. මෙම නවතම බැක්අප් හා සමමුහුර්ත(Sync) කිරිමේ ටුලය මගින් මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රිය කරනු ලැබේ.එහිදි ඔබගේ පරිගණකයේ හෝ ලැප්ටොප් එකේ ඇති විශේෂිත ෆයිල් අප්ලෝඩ් කිරිම සිදු කෙරේ.


බැක්අප් හා සමමුහුර්ත කිරිම.


බැක්අප් හා සමමුහුර්ත කිරිම ජුනි 28 වන දින ආරම්භ කෙරිණ. මෙම සේවාව මිලට ගැනීමට අදහස් නොකරන පරිශීලකයන් හට නොමිලේම ලැබෙන 15GB ඉඩ ප්‍රමාණයම හිමිවෙයි. මෙම ඇප් එක භාවිතයට පහසු ලෙස නිර්මාණය කර ඇති අතර ඒ මගින් ඔබට මෙම ක්‍රියාවලිය සිදුකල යුතු ආකාරය පෙන්වා දෙයි.එහිදි ඔබට එක දිගටම බැක්අප් කල යුතු ෆෝල්ඩරය තෝරා දීමේ හැකියාව ඔබට ලැබේ. වින්ඩෝස් වල නම් My Documents, My Pictures සහ My Downloads ෆෝල්ඩර තෝරා දීමේ හැකියාව ඇත. මැක් පරිශිලකයන් හට Desktop, Documents හෝ Pictures ෆෝල්ඩරයන් ලබා දිය හැකිය. ඇප් එක මගින් එක් එක් ෆොල්ඩරය මගින් අප්ලෝඩ් වන ෆයිල් වල ප්‍රමාණයන්ද පෙන්වා දෙයි. Mac users could specify the Desktop, Documents or Pictures folders. 


ගුගල් වල දැනටමත් ස්වයංක්‍රියව ඡායාරූප බැක් අප් වන සේවාවක් හා ගුගල් ඩ්‍රයිව් ෆෝල්ඩර එකෙන් කොපි කරන ෆයිල් හා සමමුර්ත කිරිමේ ආකාරයක් ඇත. මෙම අප්ඩේට් එක ජුනි මස 28 නිකුත් වු අතර එහිදි මෙම අංග දෙකට ඒකාබද්ධ කල අතර පහසුවෙන්ම ඡායාරූප,ලිපිගොනු හා අනෙකුත් ෆයිල් බැක්අප් කිරිමේ හැකියාව ලැබේ. මේ මගින් අන්තර්ජාල සබදතාව ඇති ඕනෑම උපාංගයකින් මෙම දත්ත වලට පිවිසිමේ හැකියාව ලැබේ. නොමිලේ මෙම සේවාව භාවිතා කරන්නන් හට 15GB ඉඩ ප්‍රමාණයක් පමණක් හිමිවෙයි. මෙහිදි ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වන අතර මෙම ඇප් එක මගින් පරිශිලකයන්ගේ දත්ත ඉතා සුරක්ෂිත බව ගුගල් සමාගම අවධාරණය කරයි. මෙම ටුල් එක ඔවුන් වැඩි වශයෙන් එදිනෙදා පරිශිලකයන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. මෙහි ව්‍යපාරිකයන් සදහා වන ආකාරය G Suite Basic, ව්‍යපාරික, අධ්‍යපනික සහ ලාභ නොලබන ආකාර සදහා මේ වසර අගදි හදුන්වා දීමට නියමිතයි.


The End.

Thanks For Watching ! 

Comments

Popular posts from this blog

පරිගණක රහස් 6

පරිගණක රහස්