පරිගණක රහස් 3
පරිගණක රහස්
රීමික්ස්
කිරිමේ අළුත්ම කලාව
තාක්ෂණයද සමග
මුහු වෙමින් සංගීතයද නවතාවයෙන් යුතුව ඉදිරියට යයි.අනෙක විද තාක්ෂණික ක්‍රම ශිල්ප ඔස්සේ සංගීත කලාවද
වෙනස් වෙමින් පවතියි.අපි අද කියන්න යන්නෙත් එවැනිම ආකාරයේ අළුත්ම සංගීත කලාවක් ගැනයි.
සංගීතය කොතනද එතන භාෂාවයි.මිනිසාගේ නිර්මාණශිලීත්වය පැරණි අදහස් වල නැවත
සම්බන්ධ කිරිමක් ලෙස සැලකීම කොතරම් සාධාරණද?සංගීතය ස්වර 12 ක සම්මිශ්‍රණයෙන් කේත නිර්මාණකරණයෙන්
නිර්මාණය වන අතර බැච්හි සිට බේබර් දක්වාම නිර්මාණ බිහිවනුයේ මේ මුලික අඩිතාලම මගිනි. නමුත්
ඒවා නිකම්ම ස්වර නොවේ.රිද්මය, ස්වර ඛණ්ඩ, තාක්ෂණික ක්‍රමවේදයන් මෙන්ම තාක්ෂණයේද පිහිටෙන් මෙම නිර්මාණ පටිගත කලහැකි
විය.ඒවා සියල්ලක්ම ප්‍රතිචක්‍රීකරණය කලහැකි අතරම නවතම ආකාර වලට ඒකාබද්ධ කිරිමේ හැකියාවද
ඇත. මෙම ටුල්ද සමග තවදුරටත් අර්ථ කථනය කිරිමේ බොහෝ දෑ ඇත.
මේ නිසාම
නිර්මාණය වන සංගීත නිර්මාණ වලද දැකගත හැක්කේ විවිධාකර බවකි.මුල් නිර්මාණයක ඇති දෑ නැවුම් වෙනස් ආකාරයකින්
ඉදිරිපත් කිරිමේදි එහි රසවින්දනය කෙරෙහි මුලික අවධානයක් යොමුකල යුතුය. නුතන සංගීත
කලාව තුල රීමික්ස් කිරිම වැදගත් කාර්යය භාරයක් ඉටු කරයි. නිෂ්පාදකයින්ටද ඒ තුලින්
අවස්ථාවන්ද වැඩි වශයෙන් නිර්මාණය වෙයි. එසේ නම් නිසි රීමික්ස් කිරිමක ලක්ෂණ
මොනවාද?අපි මෙහිදි කරුණු 3ක් කෙරෙහි අවධානය යොමු කරමු.මුල්ම කාරණය නම් මුල් ගීතයේ
හදුනාගත හැකි ප්‍රමාණයක් හා එහි අනුවාදයක් තිබීමයි.රීමික්ස් කිරිම මගින් මුලික ගීතයේ
පවතින තත්වයට වඩා යම්තාක් දුරට හෝ එහි මුලික තත්වයට හානි නොකර වෙනස් කිරිමකට
භාජනය විය යුතුය.මෙම කරුණ දෙක සමතුලිත කිරිමේ හැකියාව පවති නම් සෑහෙන දුරට ප්‍රමාණවත්
වෙයි. ඔබගේ රීමික්ස් එක උසස් ගණයේ නිර්මාණයක් ලෙස නැගී සිටිමට හැකියාව තිබිය
යුතුය. එය එසේ වීමට නම් මෙම අංගය ඔබට අතිශය වැදගත් වනු ඇති අතර එය ඔබගේ ක්‍රමවේදයන්, අදහස්,කැමැත්ත හා දැනුම සමගින් උසස් ගණයේ නිර්මාණයකට ඉඩකඩ සලසා දෙනු ඇත.අපි
මෙහිදි ඔබට මග පෙන්වීම සදහා අවශ්‍ය විඩියෝ සහ නිබන්ධන ෆයිල්සිලෝ(FileSilo) මගින් ලබා දෙන්නම්.
රිමික්ස් 101
සැබවින්ම
රීමික්ස් කිරිම යනු කුමක්ද?මෙහි සංකල්පය සරල එකකි.දැනට පවතින සංගීත ඛණ්ඩයක් ලබා ගෙන එය කෙසේ හෝ අළුත්ම
ආකාරයකට පරිවර්තනය කරන්න.පසුව එයට නිසි සිරූමාරු කිරිම් කර නිසි සැකැස්මකට අනුව සකස් කර
ගන්න.අද වනවිට සංගිත ඛණ්ඩයක් ඔබගේ හැඩතලයකට අනුව සකස් කරන අයුරු දැකගත හැකිය.නමුත් එය
සාමාන්‍යයෙන් සිදුවන ආකාරය නොවේ.පර්යේෂණාත්මකව නැවත ගොඩ නැගීම සදහා වු මුල්ම පියවර තැබීම සදහා musique concrete මුලිකත්වය ගෙන කටයුතු කරයි.එමගින්
කලාකරුවන්ට පැරණී ශ්‍රව්‍ය පටිගත කිරීම් නවතාවයෙන් යුතුව ප්‍රතිනිර්මාණය කිරිමේ
හැකියාව ඇත. මෙම musique concrete සංස්කරණ ක්‍රමවේදයන් පසුපස ඇති පිලිවෙත් බොහෝමයක්
නුතන DAW මෘදුකාංගය මගින් භාවිතා කරයි.නමුත් නුතන රීමික්ස් කිරිමේ
සංස්කෘතියේ මුලාංග්රයන් සොයා යෑමේදි 1960 හා 1970 වට පෙර ජමේයිකානු සංගීතය අමතක නොකරම
බැරිය.
කින්ග් ටුබී, ලී පෙරි හා එරල් තොම්සන් වැනි
නිෂ්පාදකයින් විසින් පැවති ට්‍රැක් කිහිපයක් සහිත පටිගත කිරිම් රීමික්ස් කරන
ලද අතර රෙගේ හා රොක්ස්ටෙඩි ගීත ඔවුන්ගේ කොන්සෝල් භාවිතයෙන් ශබ්ද පාලනය,EQ කිරිම වැනි දෑ මගින් මුල්ම ගීත වලට නැවුම්
මිශ්‍ර කිරිමක් සිදුකල හැකි විය.මෙවැනි රිමික්ස්
මගින් නර්තන රිද්මයක් වඩාත් ත්‍රීව ලෙස ඉදිරිපත් කිරිමට සමත් විය. මේ සමගම
රීමික්ස් කලාව අනෙකුත් සංගීතයන් හට අතරද ප්‍රචලිත වන්නට විය.1970 වසරේ මැද භාගය වන විට ඩිස්කෝ DJ සදහා ඩ්‍රම් යොදා ගැනුන සංගීත රටා භාවිතා විය. අතිත හිප්හොප්
සංගීතයද එක්තරා ආකාරයක රීමික්ස් ස්වරූපයක් ගනියි.
ගෞරවනීය ලෙස
රීමික්ස් කිරිම
සමාන්‍යයෙන් ගෞරවනීය
ලෙස රිමික්ස් කරන්නන් ඔවුන් තෝරා ගන්නා ගීත වල මුල් අයිතිය සුරැකීමට බැදී සිටියි.එසේම රිමිකස් කිරිම
ගෞරවනීයව මෙන්ම ඉතා පරිස්සමෙන් සිදුකල යුතු කටයුත්තකි.මක්නිසාදයත් තමාගේ ගීතයක්
විකෘති ආකාරයකින් ඉදිරිපත් වනු දැකීම කිසිදු කලාකරුවකු අපේක්ෂා නොකරන දෙයකි.
කොමිෂන් හා
මාෂ්-අප්
1980 වනවිට ප්‍රධාන කලාකරුවන් විසින් ඔවුන්ගේ
නිර්මාණ සදහා රිමික්ස් යොදා ගැනීම පිලිබද වැඩි අවධානය යොමු කරන ලදි.එමගින්
වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයන් දිනා ගැනීමට ඔවුන්ට හැකිවිය. 1988 වනවිට රීමික්ස් කිරිම තාක්ෂණයේ දියුණුවත්
සමග සංකීර්ණ වීම සිදුවිය.එසේම 90 ගණන්වල පරිගණකය යොදා ගනිමින් සිදු කෙරෙන
මාෂ්අප් වල උපතද සිදුවිය.එමගින් රිමික්ස්කරුවන්ට සංගීත භාණ්ඩ වලට හඩ කැවීම සිදුකල හැකිවිය. 2017 වන විට සංගිත සංස්කෘතිය තුල සහජ ලක්ෂණයක් ලෙස
සැලකිය හැකිය.විවිධාකාර රීමික්ස් ශෛලයන්ද දැකගත හැක.මෙය නිතිමය හා නිතිවිරෝධී
රිමික්ස් ලෙස ආකාර දෙකකටද වර්ග කල හැකිය.නිතිවිරෝධී ඒවා නිසි අවසරයකින් තොරව
සිදුකෙරෙන ඒවායි.බොහෝමයක් නිතිමය ආකාරයකින් සිදුවන ඒවා වල මුල් ගීතයේ සියළු කොටස් අන්තර්ගත වෙයි. අපි දැන්
බලමු රිමික්ස් වල ආකාර 6 මොනවද කියලා.
නිල වශයෙන්
රීමික්ස් කිරිම
නිල වශයෙන්
කෙරෙන රීමික්ස් කිරිමක කලාකරුවෙකු හෝ ලේබලයක් මගින් අධිකාරය ලබා දී ඇත.එහි සම්පුර්ණ ස්ටෙම්ස් හෝ MIDI අන්තර්ගත වෙයි. ඒවායේ සාමාන්‍යෙයන් මිලක්
නියම වන ඒවා යන අතර රිමික්ස් කරුවන්ට හට ඒවායේ
ලාභයන් සදහන් කරමින් අලෙවි කිරිමේ හැකියාව ඇත.
බුට්ලෙග්
මේවා සාමාන්‍යෙයන්
නිල නොවන මට්මමේ ඒවායි.ඔබ වාසනාවන්ත නම් ට්‍රැක් කිහිපයක් ඇති බහු ට්‍රැක් ස්ටේම්ස් තිබිය හැකිය.නමුත්
බොහෝමයක් බුට්ලෙගර්කරුවන් විසින් එක් ස්ටීරියෝ රීමික්ස් එකක් මගින් අංශ ලබාගෙන
ඒවා DIY රීමික්ස් එකක් ලෙසට එක්කර සකස් කරනු ලැබේ.
මාෂ් අප්
මෙහිදි සංගීත
ඛණ්ඩ දෙකක් එක්කොට නවතම මික්ස් එකක් සාදනු ලැබේ.මෙහිදි එක් විශාල සංගීත ඛණ්ඩයකින් හඩ තවත් සංගීත භාණ්ඩ සහිත
එකකට එක් කරනු ලැබේ.මෙමගින් DJ වලට වැඩි රිද්මයක් එක්කල හැකිය.
VIP
ඔබගේ නවතම
සංගිත ඛණ්ඩය ඔබගේම VIP එක ලෙස සදහන් කල හැකිය.එමගින් ඔබගේ DJ සෙට් එකට එහි මුල්ම ආකාරය පවත්වා ගනිමින්ම ප්‍රචලිත
වීමේ හැකියාව ඇත.VIP සිදු කිරිමේදි හොද ආරම්භක ලක්ෂ්‍යයක් හදුනා ගැනීම වැදගත්
වෙයි.ඩ්‍රම් රටාව වෙනස් කිරිම හෝ පුද්ගලික හඩ කැවීම් මෙහිදි වැදගත් කාර්යය භාරයක් ඉටු
කරයි.
රේඩියෝ/ක්ලබ්
එඩිට්
ඔබගේ ගීතයට
රිසි ආකාරයෙන් සංස්කරණ එක් කිරිම එය වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර හා වැඩි වෙලදපලක් හිමිකර ගැනීමට
සමත්ය.සම්පුර්ණ මික්ස් එකක් මිනිත්තු 4ක රේඩියේ එඩිට් එකක් ලෙස සකස් කිරිමකට ඩ්‍රෆ්ට් ප්රෑන්ක් හා පැරල් විලියම්ගේ ස්මෑස් ලෙට්
ලකී හොද උදාහරණ ලෙස සදහන් කල හැකිය.මෙහිදි ගීතයේ
හොදම කොටස් ලබා ගැනීම සිදුකෙරේ.
රීඑඩිට්
මෙය නර්තන
සංගීත DJ හා වඩාත් ජනප්‍රිය වු එකකි.එමගින්
සම්පුර්ණ ස්ටිරියෝ මික්ස් එක ලබාගෙන ඔබට රිසි ආකාරයකට සකස් කර ගැනීමේ හැකියාව ඇත. පියවරෙන් පියවර
අළුත් ටෙම්පෝ එකකට සරිලන පරිදි ට්‍රැක් එකක
කොටස් සකස් කරන අයුරු
1.රීමික්ස් කරන විට ඔබගේ රීමික්ස් එකට අදාල
වන පරිදි මුල් සංගීත ඛණ්ඩයේ ටෙම්පෝ එක වෙනස් කලයුතු වෙයි.මේ නිසා කාලය වැඩි
කිරිම පිලිබද සැලකිලිමත් විය යුතුය.මෙම ක්‍රියාවලිය DAW අතර වෙනස් විය හැකිය.මේ නිසා අපට අනෙකුත්
ආකාර වලට අවධානය යොමු කිරිමට සිදුවනු ඇත.FL Studio 12 හිදි අප Drums-118.wav ගීත ලැයිස්තුව අඩංගු වින්ඩෝ එකට ඇද දමනු ලැබේ.metronome ක්‍රියාත්මක කිරිමද සිදු කරයි.
2.FL ස්ටුඩියෝ මගින් ස්වයංක්‍රියව ක්ලිප් සකස්
කිරිම සිදු නොකරයි.කාලය ඇදීම නොහොත් ටයිම්ස්ට්රේචිං කිරිම සක්‍රිය කිරිම සදහා ප්ලේ ලිස්ට් එක උඩින්ම
ඇති Stretch බට්න් එක ක්ලික් කරන්න.ඩ්‍රම් ක්ලිප් එකේ
දකුණු පස බාර් 5 දක්වා අදින්න.දැන් එය මෙට්රොනෝම් සමග ඒකාබද්ධ
වනු ඇත.එහි සාමන්‍ය ආකාරයේදි ඕඩියෝ එක ශ්රැතියෙන් ඉකුත්ව තබනු ලැබේ.ශ්‍රැතිය
නැවත සකස් කිරිම සදහා ක්ලිප් එක ද්විත්ව ක්ලික් එකක් සිදුතර Mode එකේ ඩොප්ඩවුන් එක Stretch වලට වෙනස් කරන්න.
3.Bitwig ස්ටුඩියෝ 2 හා ඇබ්ලේටොන් ලයිව් 9 කාලය ඇදීම හෙවත් ටයිම්ස්ට්රේචින් පාලනය කරනු ලැබේ.Bitwig ස්වයංක්‍රියව ක්ලිප් එකේ ටෙම්පෝ එක හදුනා
ගැනීම සිදු කරන අතරම BPM හි සෙෂන් එක හා ගැලපීම සදහා එය සකස් කරනු
ලැබේ.Drums-118.wav ලෝඩ් කර ෂෙන්හි ටෙම්පෝ එක 128bmp දක්වා වෙනස් කරන්න.එහිදි ඔබට රිද්මයට අනුව
ඕඩියෝ එක සිරවී ඇති අයුරු හා එහි ශ්‍රැතිය තුල පවතින අයුරු දැකගත හැකිය.සමහර DAW මගින් ඕඩියෝ එකට සරිලන එකිනෙකට වෙනස් ඇල්ගෝරිදම් සපයා දෙනු
ලැබේ.
4.ලයිව් ආකාරයේදී ක්ලිප් එක ද්විත්ව ක්ලික්
එකක් සිදුකර Wrap අංශයට පිවිසෙන්න.එහි ඇති ඩ්‍රොප්ඩවුන් එක wrap ආකාරය වෙනස් කිරිමට ඉඩ හසර ලබා දෙයි.එහි සාමන්‍යයෙන් පැවතෙන ආකාරය Beats වන අතර එමගින් ඩ්‍රම් සදහා සුදුසු වන
ආකාරය පවත්වා ගැනීමට ඉඩ හසර ලබා දෙයි.අනෙක් ආකාරය
අනෙකුත් අමුද්‍රව්‍ය සදහා සුදුමු වන ලෙස නිර්මාණය කර ඇත.සම්පුර්ණ ට්‍රැක් සදහා complex ආකාරය හොද ප්‍රතිඵල ලබා දෙයි.
1>රීමික්ස් ස්ටෙම්ස් පැක් එකක් ලබා ගැනීම
තරමක් අපහසු කාර්යයකි.අපි දැන් ටෙම්පෝ හා කී වැනි වැදගත් දෑ සංවිධානය හා පිහිටුවීම පිලිබද බලමු.සියළුම
ස්ටෙම්ස් CM-80 ස්ටෙම්ස් ෆෝල්ඩරය මගින් අළුත් සෙෂන් එකකට
ලෝඩ් කරන්න.එකම ආකාරයේ ට්‍රැක් පිලිවෙලට සකස් කර ගන්න.එවිට ඒවා ඔබගේ ව්‍යපෘතිය තුල එක්ව පවතිනු ඇත.ඔබගේ
චැනල වල නාමය වෙනස් කිරිම හා වර්ණ කේතයන් එක්
කිරිම මගින් එය නිසි පරිදි සංවිධානය කර ගැනීමේ හැකියාව ලැබේ.
2>Ableton ලයිව් වැනි DAWs හා බිට්වින් ස්ටුඩියෝ මගින් නිවැරදි
රිද්මය අනුමාන කරන නමුත් ඒවා සෑම අවස්ථාවකදිම නිවැරදි
නොවේ. ඩ්‍රම් චැනලය ඒකාකිය කල හැකි සේම DAW හි ක්ලික් ට්‍රැක් එක කාලය සමග පවතින බව තහවුරු කල යුතුය.ක්ලිප් එකේ BPM අතින්ම සීරූ මාරු කලහැකි සේම wrapping අක්‍රිය කිරිම හා එය නිසි ලෙස සකස් වන තුල
සෙෂන් එකේ ටෙම්පෝ එක සිරූ මාරු කල හැකිය.අනෙක්
ස්ටෙම්ස් වල රිද්මයද(tempo)
එකද සකස්
කරන්න.
3>ඔබ ට්‍රැක් එකේ කී එක නොදන්නේ නම් එය සොයා
ගැනීමද ඔබ සතු කාර්යයකි.මෙය ඔබට ශ්‍රවණය කිරිමෙන් හා ටොනික් එක( ස්කේල් එකේ රූට් එක) සොයා ගැනීමෙන් සිදුකල හැකිය.ගීතය වාදනය කරමින් එකිනෙකට වෙනස්
නෝට් වලින් උත්සහ කර බලන්න.එවිට ඔබට ගැලපෙනම නෝට් එක හමුවනු ඇත. ඔබට එය ශ්‍රවණය
කිරිමෙන් සිදු කිරිමට අපහසු නම් මික්ස්ඩ් වැනි වැඩසටහනක් භාවිතා කිරිමෙන් ඔබට කී එක
ස්වයංක්‍රියව සොයා දෙනු ලැබේ.
එදාමෙදා තුර
දැකගත හැකි වු සුපිරි රිමික්ස් 8ක්
කොනර්ශිප්-
බ්රිම්ෆුල් ඔෆ් ආශා(ෆැට්බෝයි ස්ලිම් රීමික්ස්)
සංගීත ක්ෂේත්රයේ
ඉහල නමක් දිනා සිටන නෝමන් කුක්ගේ තවත් සුපිරි නිර්මාණයක් වන මෙය ඔහු විසින් කෝනර්ශිප්හි ඉන්ඩි හැඩතල
ලබාගෙන ඒ ඇසුරින් විශිෂ්ට ගණයේ රිමික්ස් එකක් නිර්මාණය කලේය.කුක් මෙහිදි මුල්
ගීතයේ වේගය වැඩි කිරිම හා තනු දෙකක් අඩ වශයෙන් එක්කර එයට සිනහව හා සතුට මුසු අත්දැකීමක්
ප්‍රේක්ෂකයාට ඒ තුලින් ලබා දෙයි.
ලා රවෞස්-ඉන්
ෆෝ ද කිල්(ස්ක්රේම් රිමික්ස්)
ලා රවෞස්ගේ
හඩ බේස් සහිත ගැඹුරු නාද කවමින් සුවිසල් රීමික්ස් එකක් නිර්මාණය කල අතර එහි සවුන්ඩ්ට්‍රැක් එක ලෙස යොදා
ගැණුනේ සමර්යි.මෙහි සරල හැඩ ගැස්ම මගින් විශිෂ්ට වටපිටාවක් නිර්මාණය කර දෙයි.මෙය 140bpm වේගයක් සහිත වීමද සුවිශේෂිය.
මොලෝකෝ-සින්ග්
ඉට් බැක්(බොරිස් ඩ්ලගෝස් රිමික්ස්)
1998 වසරේදි මෙහි මුල් ගීතයට ගීත ලැයිස්තු වල 40ටවත් පිවිසීමට නොහැකි වු අතර බොරිස් විසින් ඊට පසු වසරේදි රීමික්ස් කර
ඉදිරිපත් කල අතර එයට එක්සත් ජනපදයේ ගීත ලැයිස්තුවල 4වන ස්ථානය පවා හිමිකර ගැනීමට සමත් විය.
බොබ් මාලේ වෝස් ෆන්ක්ස්ටාර් ඩිලක්ස්(සන් ඊස් රයිසින්ග්)
බොබ් මාලේගේ
පලමු රිමික්ස් නිර්මාණය වන මෙය ඩැනිස් හවුස්හි නිෂ්පාදකයා වන ෆන්ක් ස්ටාර් ඩිලක්ස්ගේ නිර්මාණයක් ඇසුරෙනි.මෙය 1999 වසරේ ක්ලබ්ලැන්ඩ්හි තේමා ගීතය මෙන් විය.
2002 වසරේදී ඔහුගේ ලව්ලැන්ඩ් ඇල්බමය හොරෙන්
නිකුත් වීම නිසා ඔහු එය මුල සිට නැවත නිර්මාණ්ය කිරිම සදහා පෙලඹිණ.ඒ සදහා
හොරෙන් නිකුත් වු චොකලට් ෆැක්ටරි ඇල්බමයේ සමහර රිමික්ස්ද යොදා ගෙන තිබුණි.එවකට මෙය අතිශය
ජනප්‍රියම රිමික්ස් එකක් බවට පත්විය.
ටොර්රි
ඇමෝස්- ප්‍රොෆෙෂනල් විඩෝ(ආර්මන්ඩ් වෑන් හෙල්ඩින් රිමික්ස්)
ආමන්ඩ්
විසින් ටොරි ආමස්ගේ නිර්මාණයක් හා 90 දශකයේ නැටවෙන ගීත රිද්මයක් හා එක්කොට සිදුකල නිර්මාණයකි.ටොරිගේ හඩට
ෆන්කි බේස් නාදයක් හා ග්රොවි 4/4 ඩ්‍රම්ස් යොදා ගෙන විශිෂ්ට නිර්මාණයක් එලි දැක්වණ.
රොබින් එස්-ෂෝ
මී ලව්
ෂෝ මී ලව් හි
වඩාත් හදුනාගත හැකිම ආකාරය 1993 දි නිකුත් වු අතර එය සැබවින්ම ස්විඩන් නිෂ්පාදකයෙකුගේ නිර්මාණයකි.ඔහු
රොබින්ගේ ස්ටෝන් 1990දි ලබාගෙන එයට දේශිය සංගීත ඛණ්ඩයන් මුසු කරමින් මෙම නිර්මාණය
සිදු කලේය.
ග්රැන්ඩ්මාස්ටර්
ෆ්ලෑෂ් - රැපර්ස් ඩිලයිට්
මෙය 100%ක්ම රිමික්ස් ලෙස සැලකිය නොහැකි වුවත්
හිප් හොප් සංගීතයේදි මුසුවකින් නිර්මාණය වී රැප් සංගීතයෙන්ද අලෝකමත් වු සුපිරි ගණයේ නිර්මාණයකි.වර්තමානය
වනවිට අනෙකකුගේ ගීතයකට රැප් එක් කිරිම නිති
විරෝධි වෙයි.මෙය රිමික්ස් කලාවේ විප්ලවීය වෙනසක් ලෙසද සැලකිය හැකිය.
The End
Thanks For Reading !

















Comments
Post a Comment