Posts

Showing posts from June, 2021

පරිගණක රහස් 7

Image
  පරිගණක රහස් ඇන්ඩ්‍රොයිඩ් වර්චුවල් බොක්ස් පරිඝණකයට දමා ගන්නේ කොහොමද ? ඔයාගේ පරිඝණකය වින්ඩොස් වෙන්න පුලුවන්. ඒත් අපි හිතමු ඔයාට ඇන්ඩ්‍රොයිඩ් (operating system) මෙහෙයුම් පද්ධතිය අත්හදා බලන්න ආසයි කියල. ඔයාට හි‍ෙතෙයි මුලු පරිඝණකයෙම ගබඩා කරල තියෙන දත්ත backup කරල නැත්නම් වෙනත් තැනක ගබඩා කරල මුලු පරිඝණකයම නැවත reset කරල අලුතින් අන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය දාගන්න වෙයි කියල. ඒක හරිම කාලය ශ්‍රමය යන වැඩක්. වෙන කෙටි ක්‍රමයක් තියෙනවද ? ඒත් දැන් ඔයාට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය දාගන්න ඔනෙනම් කරන්න තියෙන්නෙ සුලු දෙයයි. ඒ ඇන්ඩ්‍රොයිඩ් විර්චුවල් බොක්ස් පාවිච්චි කරන එක. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය අලලා සැකසූ මෙය ඇඩ්‍රොයිඩ් පාවිච්චි කරනව වගේ හැඟීමක් ගෙන දෙනවා මේක පාවිච්චි කරන්න පලමුවෙන්ම විර්චුවල් බොක්ස් සහ ඇන්ඩ්‍රොයිඩ් x86 ISO බාගත යුතුයි! වර්චුවල් බොක්ස් දැනට වින්ඩෝස් , මැක් ඕ.එස්. , සහ ලිනක්ස් සදහා යොදා ග්න්න පුලුවන්. එමෙන්ම x86 ISO ඇන්ඩ්‍රොයිඩ් 6.0 සඳහා තියෙනවා. වර්චුවල් බොක්ස් වෙත පිවිස අලුත් ගිනුමක් ආරම්භ කරන්න. කැමති නමක් එයට දෙන්න. මෙහෙයුම් පද්ධතිය තේරීමේදී ලිනක්ස් තෝරාගන්

පරිගණක රහස් 6

Image
පරිගණක රහස් මිතුරන් නැති නොකර ගනිමින් ඊමේල් ලිපිනය වෙනස් කරගමු. ඔබගේ ඊමෙල් ලිපිනය ලබා දී ඇති ස්ථාන ගැන සිතන විට හා එය අන් අයගේද ඇඩ්‍රස් බුක් එක තුලද ඇතිබව හැගෙන විට හා වැදගත් ඊමේල් පණිවිඩ එහි ඇති බව හැගෙන විට මෙන්ම ඔබ ලොග් වීම සදහා ඊමේල් ලිපිනය ලබා දී ඇති වෙබ් අඩවි ගැන සිතන විට ඊමේල් ලිපිනය මාරු කිරිම යනු සිතීමටත් අපහසු දෙයකි. 1. ටික කලකට පැරණි ඊමේල් ලිපිනයන් තබා ගැනීම මුලින්ම ඔබගේ පැරණි ඊමේල් ලිපිනය කොතරම් කලක් කොපමණ මුදලකට තබාගත හැකිද යන්න වග පැරණි ඊමේල් සැපයුම්කරුගෙන් දැන ගන්න.එය මාස කිහිපයක් යම් මුදලකට හෝ තබාගත හැකි නම් වැදගත් වෙයි. 2. සෑම සබදතාවයක්ම දැනුවත් කරන්න. පසුව ඔබගේ මාරු විම පිලිබදව සෑම දෙනාම දැනුවත් කරන්න.ඔබගේ නව ඊමේල් ලිපිනය ඔබගේ ඇඩ්‍රස් බුක් එක තුල ඇති සෑම දෙනාටම දැනුම් දෙන්න.ඔබටද පණිවිඩය යොමු කර ගන්න.අනෙක් අයට BCC කරන්න. මෙම BCC කිරිම වැදගත් කාරණයකි.මක් නිසාදයත් අනෙක් අයගේ ඊමේල් ලිපිනයන් සෑම දෙනාටම යැවීම සමහරෙකුට කරදරයක් විය හැකි කාරණයක් වන අතරම සමහර අය සෑමදෙනාටම ප්‍රතිචාර දැක්වීමටද පෙලඹෙයි. 3. ස්වයංක්‍රියව ෆෝර්වර්ඩ් කිරිම හා ස්වයංක්‍රියව-ප්‍රති

පරිගණක රහස් 5

Image
  පරිගණක රහස් එදිනෙදා භාවිතයේදි LCD මොනිටර් වල පැන නගින දෝෂ නිරාකරණය කරගමු. එදිනෙදා පරිගණක භාවිතා කරන අපට විවිධාකාරයේ ගැටළු වලට මුහුණ දීමට සිදුවෙයි.මෘදුකාංග වල පමණක් නොව දෘඩාංග වල තත්වයද එසේමයි. පරිගණකයක දෘඩාංග ගැන සැලකීමේදී මොනිටරය ඉතා වැදගත් වෙයි.එමනිසා මොනිටරය නිසි ලෙස පවත්වා ගැනීම වැදගත් කාරණයක්.මොනිටරයක් භාවිතා කිරිමේදි අපට විවිධ ගැටළු වලට මුහුණ පෑමට සිදු වනවා.ඒ නිසා අපි පීඩාවට පත්ව ඇති වාර බොහෝමයි.මේ නිසා අපි අද ඔයාලට LCD මොනිටර් වල පැන නගින ගැටළු හා ඒවා නිරාකරණය කර ගන්නේ කොහොමද කියන එක ගැන ඉදිරිපත් කරන්න සුදානම්. ගැස්සීම හෝ සෙලවීම ඔබගේ මොනිටර් තිරය නිතරම ගැස්සීම හෝ සෙලවීමක් සිදුවේ නම් ඒ සදහා හේතු සාධක කිහිපයක් බලපෑ හැකිය.ඒ සදහා නිසි ලෙස සවි නොවු හා දෝෂ සහිත විඩියෝ කේබලයද හේතු සාධක විය හැකිය.මුලින්ම කේබලයේ දෙපසම එනම් මොනිටරයේ හා පරිඝනකයේ දෙපසටම හොදින් කේබලය සවි වී ඇත්දැයි පරික්ෂා කරන්න.නැතහොත් කේබලය මාරු කර බලන්න.මෙය බල සැපයුම් කේබලයටද සිදු කර බලන්න. වැරදි රීප්‍රේෂ්( refresh) කිරිමේ සිඝ්‍රතාවයක් මගින්ද මෙවැනි චලනය වීමක් සදහා හේතු විය හැකිය.මෙම රීප්‍රෙෂ් සිඝ්‍රතා