පරිගණක රහස් 7
පරිගණක රහස්
ඇන්ඩ්‍රොයිඩ්
වර්චුවල් බොක්ස් පරිඝණකයට දමා ගන්නේ කොහොමද?
ඔයාගේ
පරිඝණකය වින්ඩොස් වෙන්න පුලුවන්. ඒත් අපි හිතමු ඔයාට ඇන්ඩ්‍රොයිඩ් (operating system) මෙහෙයුම් පද්ධතිය අත්හදා බලන්න ආසයි කියල.
ඔයාට හිෙතෙයි මුලු පරිඝණකයෙම ගබඩා කරල තියෙන දත්ත backup කරල නැත්නම් වෙනත් තැනක ගබඩා කරල මුලු පරිඝණකයම නැවත reset කරල අලුතින් අන්ඩ්‍රොයිඩ් මෙහෙයුම්
පද්ධතිය දාගන්න වෙයි කියල. ඒක හරිම කාලය ශ්‍රමය යන වැඩක්. වෙන කෙටි ක්‍රමයක් තියෙනවද?ඒත් දැන් ඔයාට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය දාගන්න
ඔනෙනම් කරන්න තියෙන්නෙ සුලු දෙයයි. ඒ ඇන්ඩ්‍රොයිඩ් විර්චුවල් බොක්ස් පාවිච්චි
කරන එක. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය අලලා සැකසූ මෙය ඇඩ්‍රොයිඩ් පාවිච්චි කරනව
වගේ හැඟීමක් ගෙන දෙනවා මේක පාවිච්චි කරන්න පලමුවෙන්ම විර්චුවල් බොක්ස් සහ ඇන්ඩ්‍රොයිඩ්
x86 ISO බාගත යුතුයි! වර්චුවල් බොක්ස් දැනට වින්ඩෝස්, මැක් ඕ.එස්., සහ ලිනක්ස් සදහා යොදා ග්න්න පුලුවන්.
එමෙන්ම x86 ISO ඇන්ඩ්‍රොයිඩ් 6.0 සඳහා තියෙනවා.
වර්චුවල්
බොක්ස් වෙත පිවිස අලුත් ගිනුමක් ආරම්භ කරන්න. කැමති නමක් එයට දෙන්න. මෙහෙයුම් පද්ධතිය තේරීමේදී ලිනක්ස්
තෝරාගන්න. ඔබ GB 32 උපකරණයක් භාවිතා කරන්නේ නම් අවශ්‍ය ගබඩා ප්‍රමණයට MB 2048 තෝරන්න. ඔබ GB 64 උපකරණයක් භාවිතා කරන්නේ නම් අවශ්‍ය ගබඩා ප්‍රමණයට කැමති MB ප්‍රමාණයක් තෝරන්න. හාඩ් ඩිස්ක් එක VDI (virtual disk image) ලෙසම තබන්න.
හාඩ් ඩිස්ක් එකේ ප්‍රමාණය Dynamically Allocated ලෙසම තබන්න. ඊළඟට මෙහි ගබඩා ප්‍රමාණයේ සීමාව ලකුණු කරන්න. උදා: 8 GB
පසුව බාගත්
ඇන්ඩ්‍රොයිඩ් ISO එකට එය යොමු කරන්න. ISO එක් load උනාට පස්සේ පහලට ගිහින් ඉන්ස්ටෝල් ඔබා මෙහෙයුම් පද්ධතිය
ඉන්ස්ටෝල් වෙනකම් ඉන්න.
ක්‍රියේට්/මොඩිෆයි
කොටසට ගොස්, එහි No යන කොටස ඔබන්න.
යුටිලිට්
ස්ක්‍රීනයට ගොස් එහි New
කොටස තෝරන්න.
Primary Disk එකක් හදන්න. එමගින් ඔබ කලින් තෝරාගත් හාඩ්
ඩිස්ක් එකේ මුලු ප්‍රමාණයම පාවිච්චියට ගන්න උදව් වෙනවා.
Bootable විකල්පයට ගොස් එන්ටර් ඔබන්න. එය ඔබගේ
පාටිශන් එක Bootable කරනවා.ඊට පස්සෙ write තෝරා එන්ටර් ඔබන්න.
පසුව එන
තිරයේ, පාටිශ්න් එක හාඩ් ඩ්ස්ක් එකට යැවීම සනාථ
කරන්න yes ලියා එන්ටර් ඔබන්න.
එය ඉවර උනාට
පසු Quit විකල්පය highlight කර එන්ටර් ඔබන්න.
ඔබ විසින්
සෑදූ පාටිශන් එක තෝරා ඇන්ඩ්‍රොයිඩ් install කරන්න එන්ටර් ඔබන්න.
පාටිශන් එක format කරන්න Ext4 තෝරන්න. Yes highlight කර එන්ටර් ඔබන්න.
GRUB bootloader එක install කරන්න Yes තෝරන්න.
කිරීමට Yes තෝරා, එන්ටර් ඔබන්න. සියල්ල ඉවර වූ පසු ඇන්ඩ්‍රොයිඩ්
වෙත reboot වීමට හෝ reset කිරීමට ඔබට පුලුවන්. කුමක් වුවත් කිරීමට ප්‍රථමයෙන් ISO file එක unmount කරන්න අමතක කරන්න එප. නැත්නම් එය ඔබව නැවත installer එක වෙත ගෙනියයි!
වර්චුවල්
බොක්ස් පාවිච්චියට උපදෙස්
මෙතනින් පටන් ඔබට කරන්න තියෙන දේ ඉතා පහසුයි! වෙනත් ඕනේම ඇන්ඩ්‍රොයිඩ් උපකරණයක් මෙන් මෙය සකසන්න තමයි තියෙන්නේ. ඒත් Wi-Fi ඔන් කරන්න එපා. එතකොට ඔයාගේ PC එකේ connection එක තමයි පාවිච්චි වෙන්නෙ. ඉතින් sign in වෙලා, සෙට් අප් එක ඉවර කරලා වැඩේට බහින්න තමයි තියෙන්නෙ! ඇන්ඩ්‍රොයිඩ් ඇප් (යෙදුම්) ඔයාගෙ PC එකෙ run කරන්න වේගවත්ම ක්‍රමය මෙය නෙමෙයි, ඒක ඇත්ත. BlueStacks මීට වඩා ගොඩක් වේගවත්! ඒත් ඒකෙන් ඇප් දෙකක් තුනක් වගේ තමයි run කරන්න පුලුවන්. ඒත් ඇඩ්‍රොයිඩ් x86 වලින් සම්පූර්ණ ඇන්ඩ්‍රොයිඩ් සිස්ට්ම් එකක්ම ඔයාගේ අතට පත් කරනවා. ඇන්ඩ්‍රොයිඩ් අත්හදා බලන්න, නැත්නම් එයට හුරු වෙන්න ඔයාට්ත් ආසනම්, ඒත් දැන් පාවිච්චි කරන operating system එක මාරු කරන්න අකමැති නම් මේක තමයි කදිම විසඳුම!
The End.
Thanks For Watching !
excellent
ReplyDelete